ප්‍රමිතියෙන් තොර ලාබ හෙල්මට් මින් පසුව ගෙන්වන්න දෙන්නේ නෑ – අර්ජුන

Share

අද සිදුවන මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ මෝටර් සයිකල් අනතුරුයි. මෝටර් සයිකල් අනතුරු වලින් එසේ සිදුවෙන්නේ පැදිකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හා ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිතය නිසයි.

මේ පිළිබදව අද(11) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකියන් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් කියා සිටියේ,

“කිසිම ප්‍රමිතියකින් හෝ ක්‍රමවේදයක් නැතිව මේ හෙල්මට් ගෙන්වනවා. මේවා ලාබෙට ලැබෙන නිසා ගෙන්වනවා. ඒත් ඒවගේ අඩුපාඩු රැසක් තියෙනවා. එක්කෝ පටිය නැහැ. නැත්නම් ලොක් වෙන්නේ නැහැ. අපි ඉදිරියේදි බලනවා ඒකම ස්ථාවරයක් තුළ, එකම ප්‍රමිතියක් තියෙන හෙල්මට් විතරක් ගෙන්වන්න. කාලයක් මුහුණු සම්පුර්ණයෙන් වැහෙන හෙල්මට් එකක් තිබුනා. නමුත් යුද්ධ කාලේදි ආවාසනාවකට වගේ ඒක නීතියෙන් ඉවත් කරන්න සිදුවුනා. නමුත් ඉන්පසුව ප්‍රමිතියෙන් බාල හෙල්මට් භාවිතය නිසා යතුරුපැද මරණ සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. එම නිසා අපි ඉදිරියෙදි නව තාක්ෂණික ක්‍රමවේදයන්ට සැකසුනු හොද තත්වයේ හෙල්මට් එකක් ලංකාවේ වෙළදපොලට හදුන්වා දෙන්න බලාපොරාත්තු වෙනවා. ප්‍රමිතියෙන් තොර හෙල්මට් ලංකාවට ආනයනය කරන එක නවත්තවන්න පුළුවන් ක්‍රමවේද තියෙනවද කියලා අපි හොයලා බලනවා.” බවයි.

Read more

Local News