APEC මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීමේදී එකඟතා රැසක්

Share

08 වන APEC මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීම ඊයේ (21) චීනයේ Jiangsu පළාතේ Nanjing නගරයේදී පැවැත්විණ. APEC රටවල්, ලේකම් කාර්යාල නියෝජිතයින්, නිරීක්ෂකයින් සහ අදාළ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු 150කට අධික පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීම APEC රාමුව යටතේ පැවැත්වෙන වැදගත් අමාත්‍ය මට්ටමේ රැස්වීම්වලින් එකකි. 08 වන APEC මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශනය, එනම් “Nanjing ප්‍රකාශනය” ද මෙහිදී සම්මත කෙරිණ. නවීන ශ්‍රම බලකායක් ගොඩනැගීමට සහ ආසියා-පැසිෆික් ප්‍රජාවක් නිර්මාණය කිරීමට දායක වීම සඳහා එක්ව කටයුතු කිරීමට එහිදී විවිධ පාර්ශ්ව එකඟ වූ අතර,ඒ තුළින් APEC මානව සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතාව සඳහා වන මාර්ගෝපදේශයක් ද සකස් කෙරිණ

Read more

Local News