නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට නව වෙනසක්

Share

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යෑම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පවත්වා ගෙන යෑම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අධික ජන ඝනත්වයකින් යුත් නැගෙනහිර කොළඹ, කඩුවෙල සහ මාලඹේ යන ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම පිණිස මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News