ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මෙරටට

Share

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හර්ට්විග් ෂෙෆර් මහතා තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන බවට වාර්තා වෙයි.

උප සභාපති හර්ට්විග් ෂෙෆර් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ, මෙරට සංවර්ධන ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනිම සහ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සහයෝගය ලබාදිම පිළිබඳ සාකච්ඡා කිරීමයි.

Read more

Local News