Tuesday, March 19, 2024.

සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම අැරඹේ

Share

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම දැන් ආරම්භ වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයක් හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න පිරිසක් මේ යටතේ ආවරණය වේ. ඔක්තෝම්බර් 01 වන දා සිට ඵල ගැන්වුණු  සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන මගින් පසුගිය 1 වැනි දා වන විට සිසුන් 30 දෙනෙකු ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ලියාපදිංචි වී සිටින බවත් ඔවුන් අතරින්  සිසුන් සිවුදෙනෙකු සඳහා මේ වනවිටත්  ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

හෝමාගම ජනාධිපති විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ගනේගොඩ මහා විද්‍යාලය, නාගස්තලාව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් මේ වනවිට ප්‍රතිලාභ ලැබූවන් අතර වෙති. මෙම සිසුදරුවන් අතරින් දෙදෙනෙකු පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබූවන් වන අතර, දෙදෙනෙකු  රජයේ රෝහල්වල නේවාසික ව ප්‍රතිකාර ලැබූවන් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Read more

Local News