කන්කසන්තුරේ වරාය වැඩි දියුණු කිරීමට පියවර

Share

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසින් වැඩි දියුණු කිරීම මඟින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රයන්තයට ලැබෙන පිටිවහල සහ එය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීම මඟින් උතුරු ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනයට ලබා ගත හැකි දායකත්වය කෙරෙහි රජය අවධානය යොමු කර ඇත.

ඒ අනුව එම වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම, යටිතල පහසුකම් හා අනෙකුත් උපයෝගීතා පහසුකම් සැලසීම පිණිස රජය සැලසුම් සකස් කර ඇත.

මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව ආගමික හා සාමාජීය සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා එම ප්‍රදේශයේ පිහිටා ඇතිකර ගැනීම සඳහා එම ප්‍රදේශයේ ඇති අයියනාර් කෝවිල ප්‍රතිසංස්කරණයට ද රජය කටයුතු කර ඇත.

ඒ අනුව අදාළ කටයුතු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්තාපනය, උතුරු පළාත් සංවර්ධනය, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා  යෞවන කටයුතු ඇමතිතුමා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News