විදුලිබලාගාරය නිසා අවතැන් වු පිරිස පරිපාලන ගොඩනැලිල්ල අල්ලා ගනී

Share

ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස් කර ඉදි කරමින් පවතින ගින්ගත්හේන පොල්පිටිය බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය මගින් අද(15) විවෘත කෙරුණු පරිපාලන ගොඩනැගිල්ල එම විදුලි බලාගාර ව්‍යපෘතිය නිසා අවතැන් වු ජනතාව විසින් බලහත්කාරෙන් අත්පත් කර ගනු ලැබු බවට වාර්තා වෙයි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොල්ට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමේ අරමුණින් මිට වසර 4 කට ප්‍රථම ආරම්භ කල බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ පළමු අදිරය යටතේ ව්‍යපෘතිය නිසා හදුනාගත් අවතැන් වු පවුල් 27 කට වන්දි මුදල් ගෙවා ඉන් ඉවත් කළ අතර, එම ව්‍යපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරමින් එම ව්‍යපෘතියේ පොල්පිටියේ සිට කිතුල්ගල කළුබෝතැන්න දක්වා ඉදි කල උමං මාර්ගය හේතුවෙන් එම උමගට ඉහලින් වු පොල්පිටියේ ගමේ තවත් පවුල් 40 ක් වන්දි මුදල් ගෙවා ඉවත් කිරිමට එම ව්‍යපෘති භාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබුණි.

ඉවත් කල පවුල් 40 ක් පදිංචි වි සිටි නිවාස සහ ඔහුන්ගේ ඉඩ කඩම් තක්සේරු කර එම පවුල් වලට කඩිනමින් තක්සේරු කල වන්දි මුදල් ගෙවන බවට ව්‍යපෘති භාර අධ්‍යක්ෂකවරයා විසින් පොරොන්දු වි එම පවුල් වලට කුලි පදනම මත නිවාස ලබා ගැනිම සඳහා මසකට රු.30000 ක කුලි මුදලක් ව්‍යපෘතිය මගින් ගෙවනු ලැබුවේය.

එම ව්‍යපෘතියේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කර ගත් අවතැන් වු ජනතාව කියා සිටින්නේ මෙම ව්‍යපෘතියේ වැඩ කටයුතු අවසන් අදිරයේ පවතින බවත්, තමන්ට ලබාදිමට නියමිත වන්දි මුදල් ලබාදෙන බවට ව්‍යපෘති භාර අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව ලබාදුන් පොරොන්දුවද මේ වන විට කඩ කර කුලි මුදල පමණක් ගෙවන බවයි අවතැන් වු ජනතාව පවසන්නේ.

තමන්ට හිමි වන්දි මුදල ලැබෙන තෙක් අද දින බලහත්කාරෙන් අත්පත් කරගත් ව්‍යපෘතියේ පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවතට නොයෙන බව අවතැන් වුවන් කියා සිටියි.

බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය චින රජයේ ආධාර යටතේ චින සමාගමක් විසින් සිදු කරනු ලබයි.

Read more

Local News