Tuesday, March 19, 2024.

රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

තණමල්විල – උඩවලව මාර්ගයේ බෝධාගම පන්සල අසල දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී එක් කාන්තාවක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

මේ අතර තණමල්විල උඩවල මර්ගයේ 29 සහ 30 කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ද සිදුවු අනතුරකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු එම ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමේ දී ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයා මිය ගොස් ඇත.

Read more

Local News