ග‍්‍රාමශක්ති බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටුව අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද(18) පෙරවරුවේ ගම්පහ, හේනේගම ප‍්‍රදේශයේ දී පැවැත් වේ.

2018 වසරේ දී කොළඹ දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමශක්ති සමිතිවලට ලබා දුන් ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් මිලියන 47 කි. ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 39 ක් සහ කළුතර දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 42 ක් ලබා දී තිබේ.

23,43,000 ක් ජීවත්වන කොළඹ දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 0.9‍% කි. 23,72,000 ක් ජීවත්වන ගම්පහ දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 2.0‍%ක් වන අතර 12,81,000 ක් ජීවත්වන කළුතර දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 2.9‍% කි.

බස්නාහිර පළාත් ග්‍රාම ශක්ති සහ පෞද්ගලික සම්ගම් කිහිපයක් අතර නව ගිවිසුම් කිහිපයකට ද අද අත්සන් කිරීමට ද නියමිතයි.

ග‍්‍රාමශක්ති වැඩසටහන මෙතෙක් පැවති සමාජ සුබසාධන වැඩසටහන්වලින් කැපී පෙණෙන ලෙස වෙනස් වන ලක්ෂණ කිහිපයක් තිබේ.

ග‍්‍රාමශක්ති වැඩසටහන සම්පාදනය කර තිබෙන්නේ මෙතෙක් සිදුකරන ලද ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම ආදි සියලු වැඩසටහන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. ඒ සියල්ලටම වඩා ප‍්‍රගතිශීලි සහ ජනතාවාදී වැඩසටහනක් ලෙස ග‍්‍රාමශක්ති ක‍්‍රියාත්මක වේ.

Read more

Local News