වලේ වැටුණු වන අලියා මිය යයි

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලකට ඇද වැටුණු වන අලියා මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසිය.

මෙම වන අලියා ඊයේ(17) රාත්‍රි ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිලියේ වලට ඇද වැටී ඇති බව වාර්තා වෙයි.

වන අලියා ඇද වැටීම නිසා අලියාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර අද(18) උදෑසන කාලයේ සිට වැල්ලවාය සහ කිතුල්කෝටේ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ගොඩ ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත විය.

නමුත් උදෑසන 10.30ට පමණ වන අලියා මියගිය අතර මෙලෙස ඇද වැටුණු වන අලියා වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසක පසුවන වනජීවි නිලධාරීන් පවසන අතර වල තුළට ඇද වැටිමේන් අලියාගේ ශරීරයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් යට වී තිබී ඇති අතර එම නිසා අලියා තුවාල ලබා මෙලෙස මිය යන්නට ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

ප්‍රදේශයේ වනඅලි ගැටලුව නිසා දිනෙන් දින මිනිස් ජීවත මෙන්න අලින්ගේ ජීවතද මෙලෙස විනාශ වීම විශාල අපරාදයක් බවත් මෙයට විසඳුමක් ලබා බලධාරීන් සතු වගකීමක් බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

Read more

Local News