මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ආ තරුණයන් 14ක් අත්අඩංගුවට

Share

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 14 දෙනෙකු ඊයේ(18) පස්වරුවේ හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි සිදු කළ හදිසි පරික්ෂාවකදි මෙම තරුණයන් 14 දෙනා සන්තකයේ කේරල ගංජා සහ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගැනිම චෝදනාව යටතේයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් ඇඹිලිපිටිය, තංගල්ල, කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 25-30 වයස් කාණ්ඩවල පසුවන අය බවයි මෙම වැටලිම සිදු කළ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

හැටන් මාර්ගය ඔස්සේ මත් ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන් අත්අඩංගුවට ගැනිම සඳහා හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතා විසින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්ද දියත් කර ඇත.

Read more

Local News