ගෝඨාභය ජනපති පුටුවේ වාඩි කරවීම අපේක්ෂාව බව ගම්මන්පිල කියයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව සන්ධානගත වී, අනතුරුව ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂයන මහත්වරුන් විසින් මේවනවිට තීන්දු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තුමන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර, සන්ධානය බිහි වූ පසු තම පාර්ශ්වයේ අදහස මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන බව පැවසූ මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයා කිරීම පමණක් නොව, ජනාධිපති පුටුවේ වාඩි කරවීමද තම පාර්ශ්වයේ අපේක්ෂාව වී ඇතැයිද අවධාරණය කළේය.

Read more

Local News