සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 47 වන දම් සභාව, නවම් පොහොය යෙදී තිබුණු අද(19) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පානදුර, පින්වත්ත, සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති කළුතර දිස්ත්‍රික් සංඝ සභාවේ සභාපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කාරක සංඝ සභික සහ අනුනායක, අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක පිරිකර පූජා කරමින් ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා එක්විය.
පන්නිපිටිය, තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය මිරගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර උන් වහන්සේට ද පිරිකර සහ ධාතු කරඬුවක් ජනාධිපතිතුමා විසින් පූජා කරනු ලැබීය.