උවකැලේ රක්ෂිතයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගනී

Share

තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත්, උවකැලේ තේ වතුයායට ඉහලින් වු උවකැලේ රක්ෂිතයේ තිබි නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් මහතා අද(20) ලිදුල පොලිසියට නියෝග කළේය.

හදුනානොගත් එම පිරිමි මළ සිරුර සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමේ අනතුරුවයි මහේස්ත්‍රාත් වරයා ලිදුල පොලිසියට මෙම නියෝගය සිදු කළේ.

එම රක්ෂිතය හරහා පහලට ගලා බසින ජලය වේලලක් බැද එම වතු යායට පානිය ජලය ලබා ගන්නා අතර මේ දිනවල ලිදුල ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟම එම රක්ෂිතය තුළ වු ජල මුලාශ සුද්ද පවිත්‍ර කිරිමට ගිය වතු කම්කරුවන් පිරිසක් විසින් රක්ෂිතයේ ඇළ මාර්ගයක වැටි තිබු නාදුනන පිරිමි මල සිරුර දැක එ පිලිබඳව ලිදුල පොලිසියට පැමිණිලි කර ඇත.

වයස අවුරුදු 25 – 30 අතර බවට සැකකරන මෙම තරුණයා දිගු කලිසමක් සහ ටි ෂර්ට් ඇද සිටි ඇති අතර ඔහු පිලිබදව තොරතුරු වෙතොත් ලිදුල පොලිසිය වෙත දැනුම් දෙන ලෙස සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News