දුම්රිය ධාවනය වීමේ ප්‍රමාදයක්

Share

දුම්රිය රියදුරන් පිරිසකගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද(22) උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය වීම ප්‍රමාද වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද උදෑසන 6.35ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වීමට නියමිතව තිබු යාල් දේවි දුම්රිය සහ උදෑසන 6.30ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වීමට නියමිතව තිබු සීඝ්‍රගාමී දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බවයි.

කෙසේ වුවද සෙසු දුම්රිය ධාවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේය.

Read more

Local News