ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කරයි

Share

නොච්චියාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කර තිබේ.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගෙන් 21 හැවිරිදි තරුණිය මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලැබු කාන්තාවන් දෙදෙනා නොච්චියාගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කිරීමේ දී තරුණිය මෙලෙස මිය ගොස් තිබේ.

නොච්චියාගම පොලීසියට ලද තොරතුරක් මත වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

මරණය හේතුවෙන් එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු තුවාලකාරියගේ දෙවන සැමියා වන අතර, මිය ගිය දැරිය තුවාලකාරියගේ පළමු විවාහයේ දියණියක් බව අනාවරණය වී තිබේ.

Read more

Local News