ලංගම පෞද්ගලික අංශයට පැවරීමක් සිදුවන්නේ නෑ

Share

ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික අංශයට පැවරීමක් සිදු නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

අද(22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය සමයේ පාඩු ලැබූ ලංගමය 2017 වසරේ සිට ලාභ ලබන ආයතනයක් බවට පත් කොට ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

යහපාලන රජය යටතේ සේවකයින් 32000ක් සඳහා රුපියල් 13,500ක් බැගින් පාරිතෝෂික මුදල් ගෙවීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News