දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරිමට අවස්ථාව ලඟදිම

Share

මෙතෙක් ශ්‍රි ලංකාව තුළ සිදු වු බිහිසුණුතම ගුවන් අනතුර සිදු වුණු ලක්ෂපාන කදුවැටිය සංචාරය කිරිමටත් තරණය කිරිමටත් දෙස් විදෙස් සංචාරකයන්ට ලඟදිම අවස්තාව ලබාදෙන බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

මධ්‍යම පාලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනට සමගාමිව සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරිමට සහ සංචාරය කිරිමට අවස්තාව උදාකරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්‍යා කදුවැටි හතෙන් කදු හයක් තරණය කිරිමටත් හයවෙනි කදුවැටිය තුළ නැරඹුම් මැදිරියක් ස්ථාපනය කරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරිම සහ සංචාරය කිරිමට වනජිවි දෙපාර්තුමේන්තුවෙන් නිසි අවසර ලබාගෙන එ සඳහා තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ලබා ගන්නා බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්‍යා කදු තරණය සහ සංචාරය කිරිමෙන් ශ්‍රි පාද රක්ෂිතයේ වෙසෙන අලි රංචුව දැකබලා ගැනිමට අවස්තාව උදාවෙන බවත්, සප්ත කන්‍යා කදුවැටියේ සිට ලක්ෂපාන දියඇල්ල, ඇබඩින් දියඇල්ල, කදුකරයේ විදුලි බලාගාර සහ ශ්‍රි පාද රක්ෂිතයේ සුන්දර පරිසරයද විද ගැනිමේ අවස්තාව උදාවෙන බවත්, පරිසර හිතකාමි ලෙස මෙම ව්‍යපෘතිය දියත් කිරිමට සැලසුම් කර ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම රක්ෂිතය තුළ විශාල වශයෙන් කිතුල් ගස් ඇති බවත්, එ තුලින් කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරිමටද සැලසුම් කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

Read more

Local News