අධික වේගෙන් ආ මෝටර් රථය නවතා තිබු ලොරි රථයක ගැටෙයි

Share

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් ගාල් කර තිබු ලොරි රථයක පිටුපස ගැටි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

අද(23) අලුයම 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදිය.

අංගොඩ සිට නුවරඑලිය දක්වා භාණ්ඩ ප්‍රවහනය කරන ලොරි රථයක රියදුරා විවේක ගැනිම සඳහා ලොරි රථය ප්‍රධාන මාර්ගයේ පසක ගාල් කර තිබියදි අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ලොරි රථයේ පිටුපස ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

Read more

Local News