ගණිකා නිවාස 2ක් වටලයි

Share

ගල්කිස්ස පොලිස් වසමේ ගණිකා නිවාස 2ක් පොලීසියෙන් වටලා කාන්තාවන් 6 දෙනෙක් ගල්කිස්ස දුෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(25) සවස දුම්රිය පොළ පාර, ගල්කිස්ස යන ලිපිනයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගොස් ඇති එක් ගණිකා නිවාසයක් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත වටලා තිබේ.

එහිදී ගණිකා නිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටිමේ අදහසින් රැඳී සිටි සැකකාරියන් 2ක් අත්අඩංගුවට ගෙන පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 39,31 හා 28 යන වියේ පසු වන බව පොලීසිය පවසයි.

මේ අතර, ඊයේ දිනයේම සවස අංක 17, විද්‍යාල මාවත, ගල්කිස්ස යන ලිපිනයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පැවැත් වු තවත් ගණිකා නිවාසයක් සෝදිසි වරෙන්තුවක් මත වටලා තිබේ.

එහිදී ගණිකා නිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් කාන්තාවක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටිමේ අදහසින් රැඳීසිටි සැකකාරියන් 2 ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 39, 30 යන වයස්වල පසුවන රාගම, පල්ලෙබැද්ද හා දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

සැකකාරියන් අද(26) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News