ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

Share

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වන බව රංජිත් සොයියා මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ එම පනත මඟින් සමාජය තුළ දැවැන්ත මර්දනයක් ඇති කිරීමට නියමිත බවයි.

එම පනතට සහ ආණ්ඩුවේ අනෙකුත් ක්‍රියාමාර්ග වලට එරෙහිව විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරිමට ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (26) රාත්‍රී සිය නිල නිවසේ පැවැති සාකච්ඡාවකදී තීරණය වූ බව රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු මස 08 වනදා මහනුවරදී රැස්වීමක් පවත්වන බව මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News