ලංකාවේ පළමු වතාවට විවහා මංගල උත්සව සැපයුම් කරුවන්ට සම්මාන දෙයි

Share

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට මංගල උත්සව සංවිධානය කිරීයේ කර්මාන්තයේ නියුතුව සිටින වෘත්තිකයින් ගේ සේවය අගයමින් ඔවුන්ට ව ගෞරවයට ලක්කරන සම්මාන ප්‍රධානත්වයක් “SriLanka Wedding Awards” නම් වේ .

මෙහිදී කර්මාන්තයේ නියුතුව සිටින වෘත්තිකයින් සේවය පිළිගැනීමට ලක්කරන අතරම ඔවුන් ගෙන් කර්මාන්තයට වූ දායකත්වය ද ඇගයීමට ලක් කෙරේ .
ශ්‍රී ලංකායේ මංගල උත්සව සංවිධානය කිරීමේ කර්මාන්තය යනු ඓතිහාසික වටිනා කම් හා සංස්කෘතික සබදතාවන් හා සම්මිශ්‍රණය වූ මෙරට බිහිවූ මුල්ම කර්මාන්ත අතුරින් එකකි .

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී ශ්‍රී ලංකායේ මංගල උත්සව සංවිධානය කිරීයේ කර්මාන්තයේ සෑම පැති කඩක්ම ආවරනය වන පරිදි මෙමෙ සම්මාන ප්‍රධානය කරන අතර මංගල උත්සව සැලසුේ කරනය, හෝටල් , මනාල මනාලියන් ඇන්දවීම, ඡායාරුපකරණය , රුපලාවන්නය , සංගීත සහ විනෝදාස්වාදය, සැපයීම වැනි වූ අංශ 12ක් නියෝජනය වන පරිදි චමත්කාරජනක සම්මාන 23ක් ප්‍රධානය කිරීම සිදුවේ .

ජයග්‍රාහකයින්තෝරාගැනීම අතිශයයන්ම විනිවිද භාවයකින් යුතු යාන්ත්‍රණයක් තුළ සිදු කෙරෙන අතර ක්ෂේත්‍රයේ අතිශය ප්‍රවීනත්වයක් දරන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විනිශ්ය මණ්ඩලයක් මෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතා මනාපය ලබා ගැනීම යනයාන්ත්‍රනයන් දෙකම මෙහිදී යොදා ගනී.

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ මූලික අරමුණ වන්යන් කර්මාන්තයේ යොදයන්ට නිසි ගෞරවය හා පිළිගැනීම ලබා දෙන අතරම කර්මාන්තයේ යහපැවැත්මට ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය අගයමින් ශ්‍රී ලංකායේ මංගල උත්සව සංවිධානය කිරීයේ කර්මාන්තයට ඇති අගය හා පිළිගැනීම වර්ධනය කිරීමයි. එයමන්ම මේ මගින් කර්මාන්තයට අලුතින පිවිසේනන් දිරිගැන්වීමද අරමුණු කෙරේ .

“SriLanka Wedding Awards” නියත වශයයන්ම ශ්‍රී ලකායේ මංගල උත්සව සංවිධානය කිරීයේ කර්මාන්තය අනාගතයට ගැලපෙන ලෙස නව ප්‍රමිතීන් ගොඩ නගමින් ජාතයන්තර වෙළද පොළ වෙත රැගෙන යන නව ප්‍රවණතාවයක් වනු ඇත.
මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ SilverStarEvents කම්පැනි හි අධ්‍යක්ෂක ඒ. ආර්. මයිකල් මහතාය . මොහුගේ ඒකායන අරමු වන්නේ මේ කර්මාන්තය නගා සිටුවා ගැනීමට උර දී කටයුතු කිරීමයි .

SLWA 2018-2019

SLWA 2018- 2019 Media Conference @ Pegasus Reef-Watala

Gepostet von Silver Star Events am Montag, 18. Februar 2019

 

Read more

Local News