යාන්ත්‍රික කියත් ලියාපදිංචියට ලබාදී තිබූ කාලය හෙටින් අවසන්

Share

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙට(28) දිනෙන් අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිත කරන සියළුම යාන්ත්‍රික කියත්, ලඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර අද(27) සහ හෙට යන දෙදින තුළ ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු බව සඳහන්ය.

ලියාපදිංචියෙන් පසු හදුනාගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

Read more

Local News