දකුණු කළුතර ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් දකුණු කළුතර සහ උතුරු කළුතර දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පීලිපැන ඇති බවයි.
දුම්රිය මැදිරි 04ක් මෙලෙස පිලිපැන ඇති අතර දුම්රිය එක් මාර්ගයක සිට තවත් මාර්ගයකට මාරු කිරීමට උත්සාහ කිරීමේදී මෙසේ පීලි පැනීමකට ලක්වී ඇත.