යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Share

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබු කාලය තවදුරටත් ලබන 15 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසයි.

මෙම කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලුම යාන්ත්‍රීක කියත් අදාළ දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු වේ.

ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි ආරක්ෂක අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් අනුව මෙම වැඩසටහන පෙබරවාරි 20 වැනි දින සිට ආරම්භ වු අතර එය ඊයේ(28) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

වන විනාශය පාලනය කිරීම, යන්ත්‍රීක කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ වේ.

අදාළ ලියාපදිංචියෙන් පසු හඳුනා ගැනිම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරිමට ද නියමිතයි.

Read more

Local News