ගල්කිස්සේ ගණිකා නිවාස 2ක් වටලයි

Share

ගල්කිස්ස පොලිස් වසමේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් ගණිකා නිවාස දෙකක් වටලා තිබේ.

ඊයේ(28) සවස ගල්කිස්ස, අංක 110, ගාලුපාර යන ස්ථානයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන බවට ලැබුණ තොරතුරක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු කර ඇත.

එහිදී කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියක් ද පොලිසි අත්අඩංගුවට පත් ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 26 ක් වු අම්බලන්මාන ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකාරිය වයස අවුරුදු 24 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මොවුන් අද(01) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර, ඊයේ රාත්‍රී 8.30ට පමණ අංක 441/1, ගාලුපාර, ගල්කිස්ස යන ලිපිනයේ පවත්වා ගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් තිබු ගණිකා නිවාසයක් ද අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියක් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා වයස 29 ක් වු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය සිදු කරයි.

Read more

Local News