මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී

Share

මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙවර ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන ජාතික සැමරුම් උත්සවය “සහුරු කතක්- සොදුරු ලොවක්” යන්න තේමාව කරගනී.

ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් කාන්තාවන් 6000ක් සහභාගී කරගෙන මාර්තු 08 වන දින පෙ. ව.9 .00 සිට 12.00 දක්වා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව 2019 මාර්තු 07 හා 08 දිනයන්හි උත්සව භූමි පරිශයේදී ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදන ඇතුළත් අළෙවි කුටි 100කින් සමන්විත අළෙවි පොළක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක් සහ කාන්තාවන් උදෙසා සුවනාරි සායනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Read more

Local News