ලාල් කාන්ත අද අධිකරණයට

Share

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඊයේ (01) දහවල් අනුරාධපුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ මහතා ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටිමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවු අවස්ථාවේ කේ.ඩී ලාල්කාන්ත මහතා බීමත්ව සිට ඇති අතර බීමතින් රිය පදවා අනතුර සිදු කිරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

Read more

Local News