ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට මුදල් අය කරයි

Share

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිඳු පොදු පහසුකමත්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව වාර්තා වේ.

සුදු අධිරාජ්‍යවාදින් මිට වසර ගණනාවකට ප්‍රථම එවකට නුවරඑලිය හැටන් මාර්ගය ඉදි කිරිමේදි ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට කුඩා නැරඹුම් මධ්‍යස්ථානයක්ද ඉදි කර තිබුණි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සැම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට හා ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරූප ගැනිම සිදු කරනු ලබයි.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනිමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන ගාල් කර විවේක ගැනිමක්ද සිදු කරනු ලබයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශිය සභාව මගින් පුවත් පතක දැන්විමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට ටෙන්ඩර්පත් කැඳවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රු ලක්ෂ 1 ½ කට ලබා දි ඇති බවට වාර්තා වෙයි.

ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සඳහා බස් රථයකට රු 100 ක්ද, වෑන් රථයකට රු 50 ක්ද, ත්‍රිරෝද රථයකට රු 30 ක්ද යතුරුපැදියකට රු 25 ක්ද බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධන මාර්ගය අබියස ගාල් කර තබන සැම වාහනයෙකින්ම එම මුදල දෙගුණ තෙගුණ කර අය කරනු ලබයි.

එම නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස සුළු වේලාවට පවා ගාල් කරන වාහනවලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරනු ලබන බව වාර්තා වේ.

ඇතැම් අවස්තාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින් බස් රථයට අයකරන මුදල වෑන් රථ වලටද අය කරන බව එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද පවසයි.

කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදි කොටගල ප්‍රාදේශිය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට මෙසේ මුදල් අය කිරිම අසාධාරණ බව එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩි දුරටත් කියා සිටින්නේය.

Read more

Local News