පතරොම් තොගයක් සමඟ යුද හමුදා සාමාජිකයෙක් මාට්ටු

Share

රිදීමාලියද්ද ප්‍රදේශයේදී ස්වංක්‍රිය ගිනි අවි සඳහා යොදා ගන්නා සජීව පතරොම් සහ ගුවන් යානා නාශක අවි වලට යොදා ගන්නා පතරොම් තොඟයක් සමඟ යුද හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී ස්වංක්‍රිය ගිනි අවි සඳහා යොදා ගන්නා සජීවි පතරොම් 273ක්, ගුවන් යානා නාශක ස්වංක්‍රිය අවි සඳහා යොදා ගන්නා සජීවි පතරොම් 73ක්, ගිනි අවි සඳහා යොදා ගන්නායකඩ බැරල් 02ක් සෙයොගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(06) මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන රිදිමාලියද්ද පොලිසිය සිදු කරයි.

Read more

Local News