ජනපති මරණ දණ්ඬනය ගැන කියන දේ මෙන්න

Share

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඬනය ක්‍රියාත්මක කරන දිනය තමන් දන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනපති නිල නිවසේදී දෙස් විදෙස් මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නේ නම් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළේය.

1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නොමැත.

Read more

Local News