මාස 3න් කසිප්පු ඇල්ලිමට ජනපති උපදෙස්

Share

මාස 03ක් තුළ නීති විරෝධී කසිප්පු ඉවත් කිරීම සඳහා පොලීසියට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපතිවරයා පවසා සිටියි.

අද (06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ පොලීසියට මාස 03ක් තුළ කසිප්පු ඉවත් කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බවය.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

Read more

Local News