සමාජ ජාල මාධ්‍ය භාවිත කරන්නන්ගේ ආරක්ෂාවට නව ක‍්‍රියාමාර්ග

Share

පෞද්ගලික පණිවුඩ සේවාව විවෘත පණිවුඩ සේවාවට වඩා සුරක්ෂිත බව ෆෙස්බුක් ප‍්‍රධානී මාක් සකර්බර්ග් පවසයි.

ෆෙස්බුක් සමාජ ජාලයේ පණිවුඩ මඟින් එම සුරක්ෂිතභාවය තහවුරු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා මැසෙන්ජර් සහ වට්සප් පණිවුඩ සේවාව සීමා කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

සමාජ ජාල මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ගේ තොරතුරුවල ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී නව ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ෆෙස්බුක් ප‍්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News