තියුණු ආයුධයකින් පහරදී අයෙක්ව ඝාතනය කරයි

Share

කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

අදාළ පුද්ගලයා සේවය කල ආයතනය තුළදී තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගිය ගිය පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවට සඳහන් වෙයි.

කොටහේන පොලීසිය විසින් ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News