ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් නෑ

Share

ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නොමැති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද(08) පාර්ලිමේන්තුවේ දී ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සේහාන් සේමසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් ඇත්දැයි එහිදී අමාත්‍යවරයා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් විමසා සිටියේ ය.

පසුගිය ඔක්තෝම්බර් 26 ආණ්ඩුව මංකොල්ල කෑ බව කී අමාත්‍යවරයා, අධිකරණයට දොස් නැගූ බව ද සඳහන් කළේය.

එදා ජාත්‍යන්තරය ආර්ථික සම්බාධක පවා දැමීමට ඉඩ තිබූ බව කී අමාත්‍යවරයා, 2015 වසරෙන් පසුව තත්ත්වය වෙනස් වූ බව පැවසීය. රජය ජාත්‍යන්තරය සමඟ කිට්ටුවෙන් කටයුතු කරන බවද පැවසු අමාත්‍යවරයා, ජාත්‍යන්තර විනිසුරන්ට ඉඩක් නොමැති බවද පැවසී ය.

ජිනීව යෝජනාවෙන් තාක්ෂණික සහාය පමණක් තිබෙන බවත් කලින් යෝජනා සංශෝධනය කරන්න අවධානය යොමු කර තිබෙන බවත් කිසිදු රණවිරුවෙකු හෝ කිසිවෙකු ජාත්‍යන්තර විනිසුරන් හමුවට පැමිණවීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News