තලවකැලේ වෙළඳසැල් රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට

Share

තලවකැලේ නගරයේ පිහිටි ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අද(08) හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ලබාදිමේ අරමුණින් කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක්වයි මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවේ.

මෙම හදිසි පරික්ෂාවේදි අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් සහ සිල්ලර වෙළදසැල් රැසක් නිතියේ රැහැනට කොටුකරගත් අතර ඔහුන්ට එරෙහිව ආහාර පනත යටතේ නෛතික පියවර ගන්නා බවයි මෙම වැටලිමට සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

අඩුපාඩුකම් රැසක් සහිතව ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් සහ වෙළදසැල් හිමියන්ට එම අඩුපාඩුකම් සපුරා ගැනිම සඳහා දින 14 කාලයක් ලබාදුන් අතර එම කාලය තුලදි හදුනාගත් අඩුපාඩුකම් සපුරා යලිත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට පෙන්විය යුතුය.

එසේ නොකරන ආපන ශාලා හිමියන් සහ වෙලඳසැල් හිමියන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් ගන්නා බවත් ඉන් වැඩි පිරිසක් තලවකැලේ නගරයෙ ආපන ශාලාවලින් ආහාර පාන සහ සිල්ලර වෙළදසැල් වලින් ඔහුන්ට අවශ්‍යය ආහාර ද්‍රව්‍යය ලබා ගන්නා නිසා එම සංචාරකයන්ට ගුණාත්මක සෞඛ්‍යය තත්ත්වයෙන් ඉහල ආහාර පාන සහ ආහාර ද්‍රව්‍යය ලබාදිම සදහා මෙම හදිසි වැටලිම සිදු කල බවයි මෙම වැටලිම සිදු කළ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් වැඩි දුරටත් කියා සිටියේ.

Read more

Local News