හෙරොයින් මත්ද්‍රව්‍ය හා කොකේන් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් ගල්කිස්ස, බදුල්ල, ඉංගිරිය හා බොරුල්ල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08) දිනයේ ගල්කිස්ස පොලිස් වසමේ දී වීරසේන සිල්වා මාවත, රත්මලාන ප්‍රදේශයේදී වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙකු හා එම පොලිස් වසමේම රත්මලාන ගොනා කෝවිල අසලදී වයස අවුරුදු 40ක අයෙක් ගල්කිස්ස කොට්ඨාස නොවිසදුනු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් සහ දෙවන සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 60ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (09) දින ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් ළඟ තබාගෙන සිටි අයෙකු ඊයේ (08) දිනයේ සවස 5ට පමණ බදුල්ල පොලිස් වසමේ වැලිකෙමුල්ල පාසල අසළදී බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (09) දින බදුල්ල මහේසත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඊයේ (09) දින උදෑසන 10.50ට පමණ ඉංගිරිය, ඇලබඩ පාරේ පදිංචි වයස අවුරුදු 38ක් වූ පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 660ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (09) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 235ක් සමඟ තවත් සැකකරුවෙකු ඊයේ (08) බොරැල්ල පොලිස් සථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිරෝද රථයකින් මෙම කොකේන් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර සැකකරු වයස අවුරුදු 26ක් වූ සරණපාල හිමි මාවත, බොරැල්ල ලිපිනයේ පදිංචි අයෙකි.
සැකකරු අද (09) දින මාළිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බොරැල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.