මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

වෙල්ලාවලි, රාණමඩු ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට අදාලව වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 33, 34 සහ 40 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන වෙල්ලාවලි පොලිසිය සිදු කරයි.

Read more

Local News