වසන්ත කරන්නාගොඩ අද CIDයට එයි

Share

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශය ලබාදෙන ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියි.

සිද්ධියට අදාළව පසුගිය සඳුදා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 08 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

Read more

Local News