ධිවර සංස්ථාවට කෝටි 70 ක ණය බරක්

Share

වසර 20 ක් පුරා ධීවර සංස්ථාව පාලනය කල අය අවසානයේ රටෙත් ජනතාවගේත් හිස මත රුපියල් කෝටි 70 ක ණය බරක් පමණක් පටවා රාජ්‍ය ආයතන අතරින් පරිහානියේ අගාදයට වැටුණු ආයතනයක් ලෙස ලංකා ධිවර සංස්ථාව පත් කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය .

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේ රටෙත්, ජනතාවගේත් අවශ්‍යතා අනුව නව දැක්මක් යටතේ ධිවර සංස්ථාව මෙරට රාජ්‍ය ආයතන අතුරින් කාර්යක්‍ෂම ආයතන අතරට රැගෙන යාමේ වගකීම ඉටු කරන බවය.

සියළු ජනතාවට ගුණාත්මක, නැවුම් මාළු සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙල යටතේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ප්‍රථම මත්ස්‍ය අලෙවි සැල මහරගම නගරයේදී අද(13) වීවෘත කිරීමේ අවස්ථාවේදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව පැවසිය.

උත්සව සමයේ ජනතාවට ගුණාත්මක මාළු සහන මිලට ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ සියළු ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ධිවර සංස්ථාවේ අලෙවි සැල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව හෝමාගම, අම්පාර, රාගම සහ මාතර ඇතුළු නගර රැසක උත්සව සමයට පෙර මෙම අලෙවි සැල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News