ලංගමට ඉදිරියේ දී උසස් තත්ත්වයේ බස්රථ පමණයි අර්ජුන කියයි

Share

මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බවත් ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණ කළේ එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට පසුව හඳුන්වා දෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් සමඟ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(13) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read more

Local News