විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පා ගමන පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වෙයි.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමෙන්තුව දෙසට පිවිසෙන මාර්ගයේ පොලිස් මාර්ග බාධකද දමා මාර්ගය තවකාලිකව වසා දමා තිබේ.
සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත පැරදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම වැනි ඉල්ලීම් රැසක් වෙනුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.