කේරළ ගංජා තොඟයක් සමඟ 2ක් දැලේ

Share

කුරුඳුවත්ත, හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොඟයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 585ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 29 හැවිරිදි දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කුරුඳුවත්ත පොලීසිය සිදු කරයි.

Read more

Local News