වව්නියාවෙන් කේරළ ගංජා තොගයක්

Share

වව්නියාව නගරයේදී කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 420ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් ත්‍රීකුණාමලය සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 23, 30 සහ 33 හැවිරිදි වියේ පසුවන්නන් බව සඳහන්ය.
ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News