හැටන් බස් නැවතුම්පොලේ තිබි රිවොල්වරයක් හමුවෙයි

Share

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසල වලක් කැපිමේදි වල තුළ තිබි රිවොල්වරයක් හමු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් විසින් අලුතින් වැසිකිලි වලක් කැපිමේදි පස් තුළ තිබි ඊයේ(14) පස්වරුවේ රිවොල්වරය හමු වු බවයි හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසුවේ.

නගර සභා සේවකයින් විසින් වැසිකිලි වල කපා ගොඩකර තිබු පස් මත මෙම රිවොල්වරයක් තිබෙන බව නගර සභා සේවකයින් විසින් කළ දැනුම් දිමක් මත පොලිසිය විසින් රිවෝල්වරය පොලිස් භාරයට ගෙන ඇත.

පස් යට තිබි හමු වු රිවොල්වරය දිරාපත් වි තිබු බවයි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

හමුවු රිවොල්වරය සමබන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරන බවයි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

Read more

Local News