ඉන්දියාවේ උසම පවුල මෙන්න

Share

බොරු කකුලක් නොමැතිව සෙසු ජනයා මිට්ටන් සේ දැකිය හැකි පවුලක්ම සෙයාගැනීම කළුනික සොයාගන්නවාටත් වඩා දුෂ්කරය. එහෙත් ඒ සඳහා වැඩිදුර යා යුතු නැත. අපේ අසල් ඉන්දියාවේම, එවැනි පවුලක් ජීවත්වේ. කොයි කවුරුත් හඳුන්වනනේ ‘කුල්කර්නි’ පවුල එලෙසයි.

කුල්කර්නිලාට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් යොදාගත නොහැකිය. ඒ නිසා මොවුන් ගමන් බිමන් යන්නේ ස්කූටර්වලින්ම පමණි. ඔවුන්ගේ උසට සරිලන වාහනයක් අදටද නිර්මාණය වී නැත.

පවුලේ ගෘහ මූලිකයා ශාරද් කුල්කර්නි පනස් දෙහැවිරිදිය. ඔහු අඩි 7ක් හා අඟල් 1.5ක් උසය. ශාරද්ගේ බිරිය හතළිස් හය හැවිරිදි සන්ජෝත් අඩි 6 අඟල් 2.6ක් උසය. මාපිය ජාන උරුමකරගත් දියණිවරුන්ගේ උස ද අඩි 6 ඉක්මවා ගොස් ඇත.

ශාරද්, සන්ජෝත් හා මෘගා, සාන්යා දියණිවරුන් එක්වී සූදානම් වන්නේ ගිනස් වාර්තාවක් පිහිටුවීමටය. සමස්ත පවුලේම උසේ එකතුව අඩි 26 ඉක්මවයි.

1989 දී ශාරද් හා සන්ජෝත් විවාහ වූ පසු ඉන්දියාවේ උසම යුවළ ලෙස කිරුලු පැලැන්දේ එරටේ ලිම්කා වාර්තා පොතට එක්වෙමිනි.

ඔවුන් ගිනස් පොතට එක්වීමට යන්නේ කැලිෆෝනියාවේ වේන් හා ලෝරී හෝල් ක්විස්ට් යුවළගේ අඩි 13 අඟල් 4ක වාර්තාව බිඳ දැමීමටයි.

Read more

Local News