උතුරේ බොදු සමුළුවක් මාර්තු මස 29 වැනිදා

Share

උතුරේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසාත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් වූ බොදු සමළුවක් මාර්තු මස 29දා වව්නියාවේදී පැවත්වීමට සියල්ල සූදානම් බව උතුරු පළත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

වවුනියාව ශ්‍රී බෝධී දක්ෂණාරාමයේදී බොදු සමළුව පැවත්වීමට සියල්ල සූදානම් කොට ඇති අතර ඒ සඳහා උතුරු පළාතේ මෙන්ම දකුණෙන්ද විහාරාධිපති හිමිවරුන් ඇතුලු 100 කට ආසන්න හිමිවරුන් පිරිසක් මෙම බොදු සමළුවට සහභාගී වීමට නියමිතව ඇත.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී බෝධි දක්ෂිණරාමාධිපති පූජ්‍ය සියඹලා ගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයකට අනුව මෙම බොදු සමළුව පැවත්වෙයි.

බොදු සමුළුව පැවත්වීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් පූර්ණ අනුග්‍රහය ඇතිව බුද්ධ ශාශන අමාත්‍යංශයේද සහය ඇතිව පැවත්වීමට නියමිතය. ඒ සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේදී සහාය ලැබී ඇත.

ඉතිහාසයේ පළමු වතාවට උතුරු පලාතේ බොදු සමළුවක් පැවත්වෙන අතර එමගින් උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීමඋදෙසා ගතයුතු ක‍්‍රියාමාර්ග, අදහස් හා යෝජනා එහිදී සාකච්ඡා කරනු ලබනඅතර උතුරු පළාතේ පවත්වන බොදු සමුළුව තුලින් ශ‍්‍රී ලංකාවාසීහාලෝකවාසීසියලූ දෙනාටසුභවාදී පණිවිඩයක් ලබාදීම මෙහි අපේක්ෂාවයි.

Read more

Local News