ව්‍යාපාරිකයින්ගෙන් මුදල් කොල්ලකන්න ආ 3ක් අත්අඩංගුවට

Share

ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයක් සමඟ ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

අදාළ මෝටර් රථය තුළ තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ව්‍යාජ ලෙස සකසන ලද ගිනිඅවියක්, මිලිමිටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 03ක්, මන්නා පිහි 2ක්, මුහුණු ආවරණ 4ක් සහ සොරකම් කරන ලද වාහන අංක තහඩු දෙකක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් අම්බන්ගොඩ, ඌරගහ, වතුගෙදර යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 38, 36 හා 20 වයසැති අය වන අතර ඔවුන් අද(18) ඇල්පිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලීසිය සිදුකරනු ලබයි.

Read more

Local News