ශාන්ත පැට්‍රික් දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක සැමරුම්

Share

ශාන්ත පැට්‍රික් දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක සැමරුම් සංවිධානය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති සැමරුමකට කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කේට් යුවල එක්ව සිටියේය.

ශාන්ත පැට්‍රික් දිනය යනු ලොව පුරා අයර්ලන්ත මූලයන් සහිත රෝමානු කතෝලික ඇන්ග්ලිකන් හා නැගෙනහිර ඕතඩොක්ස් ආගමිකයන් සමරන දිනයකි.

අයර්ලන්ත සම්ප්‍රදායන් හා සංස්කෘතියට ක්‍රිස්තියානිය ඇතුළත් වූ යුගයේ එරට සිටි පසුව ශාන්තුවරය ලැබූ පැට්‍රික් නම් පූජකවරයා මියගිය දිනය ශාන්ත පැට්‍රික් දිනය ලෙස සැමරෙයි.

සැමරුම සඳහා එක් වූ අයර්ලන්ත සොල්දාදුවන්ට තිළිණ වශයෙන් ශාන්ත පැට්‍රික් දිනයේ සංකේතය ලෙස යොදාගන්නා ෂම්රොක් නම් පැළෑටියේ පත්‍ර ලබාදීමට කේට් අදිපාදවරිය කටයුතු කළේය.

අයර්ලන්ත ජාතික දිනයට සමගාමීව යෙදී ඇති මේ දිනය ලෝකයේ රටවල් රැසක්ම අති උත්කර්ෂවත් ලෙස සමරයි.

Read more

Local News