මහින්දානන්දගේ නඩුව ජුනි මසට කල්යයි

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුව ජුලි මස 4 වන දා විභාගය ගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමති වෘත්තිය සමිතිය සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තිය සමිති තීරයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

Read more

Local News